Kamat Yantra | Powerful Diagrams Drawn on the Threshing Ground from Minneriya, Kurunegala, Minuwangoda, Badulla, Gampola, Giruwa Pattuva, Ipalogama, Madugalle වී ගොවිතැනෙහි අභිචාරාත්මක දෘශ්‍ය කලාව කමත හා සම්බන්ධ අභිචාර විධි අතර අළුවන් වැඩීම සුවිශේෂ වේ. කොළ පෑගීමට පෙර කමත මධ්‍යයේ වූ " අරක් වලෙහි '' අරක් වස්තු ( ආරක්ෂක වස්තු ) තැම්පත් කිරීමෙන් අනතුරුව ඒ කේන්ද්‍ර කොට ගෙන අළුවලින් " කමත් යන්ත්‍ර " ඇදීමක් සිදුකරයි . මෙය මින්නේරිය ,කුරුණෑගල ,මිනුවන්ගොඩ , බදුල්ල ,ගම්පොල , ගිරුවා පත්තුව , ඉපලෝගම ,සහ මඩුගල්ල යන ප්‍රදේශ වලින් හමුවූ " කමත් යන්ත්‍ර " පාදක කොට ගෙන නිර්මාණය කරන ලද්දකි .