දළදා මාලිගාව හි ප්‍රධාන පිවිසුම් උමඟෙහි පැරණි සම්ප්රදායික ඇඳීම 18 වන සියවසේ උඩරට යුගයේ උඩරට සාම්ප්‍රදායික කලාවන්ට මෙම චිත්‍රය අයත් වේ. ශ්‍රී ලංකා අභිමානය ලෝකයට කියාපාන සංස්කෘතික සංකේත බොහොමයක් අතුරින් කන්ද උඩරට ඇසළ පෙරහැර කියන්නෙ ඉතාම සුවිශේෂී සංස්කෘතිකමය සංකේතයක්. අද ජීවමාන බුදුන් ලෙස ගෞරවයට පාත්‍ර වන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ නුවරට වැඩමවීමෙන් පසු, ඊට පෙර සිටම කරගෙන ආ පරිදි දන්ත ධාතූන් වහන්සේ උදෙසා මේ පෙරහැර මංගල්‍යය පවත්වනු ලබනවා.