Doomsday by Love<3 #DoomsdaybyLove #VimartybyVimukthiS මිනිසුන්ට තවදුරටත් යුද්ධය සහ වෛරය අවශ්‍ය නොවේ. යුද්ධය සහ වෛරය සැමවිටම පවතින්නේ බලය තුලයි. මිනිසුන්ට තවදුරටත් බලය වැනි ප්‍රතිවිරෝධී භෞතික තත්වයන් තුළ සිටීමට අවශ්‍ය නොවේ. එවැන්නක් සැබැවින්ම අවශ්‍ය නොවේ. නමුත් බලය අත ඇත්තවුන් නිරන්තරයෙන් වලි කනුයේ බලය අත නොමැත්තවුන්ගේ ජීවිත අපායක් කිරීමටයි. එබැවින් මේ කටුක සත්‍ය වටහාගෙන කුමනාකාරයක හෝ බලය මගින් විෂ ගැන්වුණු සිතුවිලි වලින් බැහැර වීමට කාලයයි. මිනිසා තමා විසින්ම සාදා ගත් එවන් ආකල්පමය සිරගෙවල් බිඳ දා වඩා නිදහස් ලෝකයකට පැන යන දිනයක් පිළිබඳව මම සිහින දකිමි. හින්දු දේව පුරාණයට අනුව කල්කි යනු ලොව වඩාත් නරක අතට හැරුණු දිනකදී එය විනාශ කර දැමීමට බලය ලත් විෂ්ණුගේ දස වැනි අවතාරයයි. නමුත් එවැනි බිහිසුණු ලෝකාවසානයක් වෙනුවට මම ආදරයේ, සාමයේ, සහ සතුටේ උපරිමයේදී මිනිසා පිපිරී යන සොඳුරු ලෝකාවසානයක් පිළිබඳ මනෝසිහින මවමි. අවියෙන් තොර මිනිසා ප්‍රේමයේ වෛරසයෙන් ආසාදනය වී මිනිස් ප්‍රේමයේ ප්‍රීතියෙන් මියයන දිනයක් මම මගේ පින්සල් තුඩග තවරා නිමවමි. නැවතත් ලුසීගෙන් ආරම්භ වන නැවුම් ලොවක් පිලිබඳ මම සිහින දකිමි. ඉතිං , මා මගේ මෙම සිතුවම් හි අන්තර්ගත කර ඇත්තේ මගේ එම සිහිනයේ වර්ණයි. පසුගිය ජනවාරි මාසයේ මම මෙම සිතුවම් නිමවමින් සිටියදී , වර්තමානයේ අප මුහුණ දී ඇති තත්වය, එනම් මිනිසා විනාශ වෙමින් ලෝකය පණ ලබන තත්වයක් පිළිබද සිතා නොතිබුණු බවද ලියා තබමි. "Man, no longer needs war and hatred. War and hate exist in power. People no longer need to be in antipathetic physical conditions like power. There is no need to do so. But the man who has power with him, always try to make a mess in other’s lives. It’s time to realize this bitter truth and get rid of thoughts poisoned by power. I’m dreaming for a world which people can escape from that kind of attitudinal prisons. According to Hindu myth, Kalki is the 10th Avatar of Vishnu who empowered to end the world when it became to it worst. But instead of that kind of crack of doom, I am dreaming for a doomsday by love, peace and happiness. I live in a dream about a day of flower blooming by bomb blasts, dance of peace and the rain of love may occur. I live in a dream about a day of virus of love infect people all over the world; disarmed world which culminating in the rhythm of peace and a doomsday which relieving sorrow by people die with the joy of true human love. I live in a dream of people enjoying a fresh world, starting with Lucy again. Thus, what I have embodied in my art pieces are those colors of my dream. " I never imagine our current situation when I'm creating this paining at last January 2020