විද්‍යාවේ දියුණුවත් සමග මිනිසා නුතන තාක්ෂණික ලෝකය සදහා ඉදිරියට ගමන් කරයි.එය ඉතාමත් වේගවත් අවිවේකි ගමනක් ලෙස හැදින ගත හැකිය.විවිධ කර්යක්ෂමතාවයක් උදෙසා තක්ෂණය භාවිතා කරමින් ක්‍රියාකාරී වන මෙම මානව චර්යාවන් ස්වභාව දහම කෙරෙහි බලපානු ලබයි .එය ස්වභාව දහමේ සමතුලිතතාවය බිදී යාමට හේතු වේයි.සමතුලිතතාව බිඳී යන විට සත්ත්ව සංහතියටද අතුරු විපාක ගෙන දෙනු ලබයි. මිනිසා සොබාදහම අභිබවා යාමේ දි අප අප එක් මාර්ගයක ද සොබා දහම එක් මාර්ගයකට වැටීම ස්වාභාවික ම සිදු වේ.මිනිස් ක්‍රියාකාරකම් බහුල වීම තුළ ස්වභාව දහමේ ක්‍රියාකාරීත්වය අඩපණ වී යයි මෙමගින් සොබාදහම ද පෙරළා මිනිසාට අභියෝග කරනු ලබයි. මෙසේ මාර්ග දෙකක් තුළ ගැටීමේ දී මිනිසා විසින් සත්ව සංහාර ද, සත්ව හිංසන යන් ද සිදුකරනු ලබයි .මෙම මූර්තිය තුළ ලොව වේගවත්ම සත්වයා වන චිටා සහ මිනිසෙකු නිරූපණය කර ඇත .ච්ටා මිනිසාට වඩා කෙතරම් වේගවත් වූවත් බුද්ධිමත් මිනිසාගේ වේගයට යට වන්නට සිදු වී ඇත. විනාශකාරී මිනිසා මෙම මූර්තියේ යකඩ ඇණ වලින්ද නිරූපණය කර ඇති අතර සත්වයා නිරූපණය කිරීමට පිත්තල ඇණ භාවිතා කර ඇත. එමගින් සත්ත්ව සංහතියේ ඇති මුදු මොළොක් බව හා මිනිසාගේ ඇති විනාශකාරී බව මාධ්‍ය තුළින් පෙන්වීමට උත්සාහ ගෙන ඇත .කෙසේ නමුත් සත්ව සංහතියට මිනිසාගේ මැදිහත්වීමෙන් ඇති වී තිබෙන අතුරු විපාක ගැන මෙම මූර්තියෙන් අවධාරණය කිරීමට උත්සාහ ගනී .